ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක්

313

ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ශ‍්‍රී ලංකාවට ලබාදීම සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලැබී ඇති බවත්, ඒ සඳහා ඉතා ඉක්මනින් ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (27 දා* ‘දිවයින’ට පැවසීය.

මේ මූල්‍ය පහසුකම මගින් ඉන්දියාවෙන් අපට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන බව ද මෙම මුදල ලැබෙන්නේ ඉන්දියාවෙන් තෙල් මිලදී ගැනීම සඳහා ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයට අමතරව බව ද ආටිගල මහතා කීවේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ඉන්දියාවෙන් මිලදී ගැනීම සඳහා වන මේ ගිවිසුමට අත්සන් තැබීමට මෙරට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

ඉන්දියාවෙන් අපට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අලූතින් ලැබෙන මේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට ඉක්මනින් ඉන්දියාවට යෑමට නියමිත බව ද ඒ සඳහා තවමත් දිනයක් තීරණය වී නැති බව ද මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා තවදුරටත් ‘දිවයින’ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment