ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

247

තරග තුනකින් යුත් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පන්දු වාර 20-x20 තරගාවලියේ පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කී‍්‍රඩකයෝ ඊයේ (24 දා) කඩුලූ දෙකක් දැවී නියමිත පන්දු වාර 20 අවසානයේදී ලකුණු 199 ක් ලබාගත්හ.

කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක දසුන් ශානක කළ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට වරම් ලබාගත් ඉන්දීය ආරම්භක පිතිකරුවෝ දෙදෙනා පිටිය සිසාරා පන්දුව යවමින් යන්ත‍්‍රයකින් මෙන් ලකුණු සොයන්නට පටන් ගත්හ.

පළමු පන්දු වාර දෙකට ලකුණු 11 ක් පමණක් ලබා සිටි ෂර්මා සහ කිෂන් තුන්වැනි පන්දු වාරයේදී ලකුණු 15 ක් උදුරා ගනිමින් ලබාගත් ප‍්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දියාව පළමු පන්දු වාර 10 අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 98 ක් ලබා සිටියහ.

ඒ අතරතුර සිය දෙවැනි පන්දු වාර 20-20 අර්ධ ශතකය වාර්තා කිරීමට ඉෂාන් කිසන් සමත් වූ අතර පන්දු 30 කින් වාර්තා වූ එම අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය. මෙවර අයිපීඑල් තරගාවලියේ වැඩිම මුදල් ලංසුවකට තමන් හිමිකම් කීවේ මොනවට යැයි ඔප්පු කරමින් සිය පිති ප‍්‍රහාරය දියත් කළ 23 හැවිරිදි වමත් කඩුලූ රකින පිතිකරුවා ලක්නව් කී‍්‍රඩාංගණයට රැුස්ව සිටි දහස් සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයෝ අමන්දානන්දයට පත් කළහ.

පවර් ප්ලේ පන්දු වාර හය අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුව කිසිවකු නොදැවී ලකුණු 58 ක් ලෙස වාර්තා වූ අතර ඉන් ලකුණු 39 සිට ඉෂාන් කිෂන් ලබාගෙන තිබූ අතර නායක රෝහිත් ෂර්මා ඒ වන විට ලකුණු 17 රැුඳී සිටියේය.

පන්දු 32 කට මුහුණ දුන් රෝහිත් ෂර්මා ලහිරු කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 44 කට පිටියෙන් ඉවත් වූ අතර ඒ වනවිට ඉන්දියාව ලකුණු 111 ක් ලබාගෙන තිබිණි. ෂර්මා දැවී යෑමෙන් අනතුරුව ෂේ‍්‍රයස් අයියර් ඉෂන් කිෂන් සමග එක් වූ අතර පන්දු වාර 15 ක් අවසානයේ ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 130 ක් ලබාගෙන සිටියේය.

මෙම තරගය සඳහා කුසල් මෙන්ඩිස් සහ මහීෂ් තීක්‍ෂණ කී‍්‍රඩා නොකළ අතර ඒ වෙනුවට දිනේෂ් චන්දිමාල් කඩුලූ රැුකීමේ කාර්යයේ නිරත වූ අතර තීක්‍ෂණ වෙනුවට වැන්ඩසේ කණ්ඩායමට පැමිණ තිබිණි.

ඉන්දියාව වෙනුවෙන් දීපක් හුඩා මෙම තරගයේදී ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර නායක ෂර්මා විසින් හූඩාගේ හිස් වැසුම තිළිණ කරන ලදී.

නායකයා දැවී ගිය පසු සිය ලකුණු ලබාගැනීමේ වේගය මදක් අඩාල කළ ද අවසන් පන්දු වාර 5 තුළ සිය ප‍්‍රහාරාත්මක වේගය නැවතත් වැඩි කළ ඉෂාන් කිෂාන් ලහිරු කුමාර කි‍්‍රයාත්මක කළ 16 වැනි පන්දු වාරයේ දෙවැනි පන්දුවට හයේ පහරක් ද, තෙවැනි සහ සිව්වැනි පන්දුවලට හතරේ පහර බැගින්ද එල්ල කිරීමට සමත් වූවේය.

සිය මංගල පන්දු වාර 20-20 ශතකය කරා පියනගමින් සිටි ඉෂාන් කිෂාන් නායක දසුන් ශානකගේ පන්දුවක් හමුවේ ලකුණු 89 කට පිටියෙන් ඉවත් වූ අතර ඔහු පන්දු 56 කදී හතරේ පහර 10 ක් සහ 6 පහර 3 ක් එල්ල කර තිබිණි.

ෂේ‍්‍රයස් අයියර් 19 වැනි පන්දු වාරයේදී චාමික කරුණාරත්නගෙන් ලකුණු 15 ක් උදුරා ගත් අතර ඔහු පන්දු 28 කදී වේගවත් ලකුණු 57 ක් නොදැවී ලබාගත් අතර ඒ අනුව ශී‍්‍ර ලංකාවට ලකුණු 200 ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.

පන්දු යැවීම

දුෂ්මන්ත චමීර – 4-42-0, ලහිරු කුමාර – 4-43-1, චාමික කරුණාරත්න – 4-46-0 ප‍්‍රවීන් ජයවික‍්‍රම – 2-15-0, ජෙෆ්රි වැන්ඩසේ – 4-34-0 දසුන් ශානක 2-19-1

advertistmentadvertistment
advertistmentadvertistment