ඉන්දියාවෙන් හා අප‍්‍රිකාවෙන් ව්‍යාජ ”කොවිෂීල්ඩ්” කොරෝනා එන්නත් මාත‍්‍රා සොයා ගැනේ

742

ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිපදවනු ලබන ඔක්ස්ෆර්ඞ් ”කොවිෂීල්ඞ්” කොරෝනා මර්දන එන්නතේ ස්වරූපයෙන් නිපදවා ඇති ව්‍යාජ එන්නත් ඉන්දියාවෙන් හා අප‍්‍රිකාවෙන් සොයා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම ජුලි-අගෝස්තු කාලසීමාවේදී ඉන්දියාවේ හා අප‍්‍රිකාවේ ජනතාවට එන්නත් කරමින් තිබූ මෙම ව්‍යාජ ”කොවිෂීල්ඞ්” එන්නත් තොග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ව්‍යාජ එන්නත් ගෝලීය මහජන සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වන බැවින් ඒවා භාවිතයෙන් වහාම ඉවත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්දීය හා අප‍්‍රිකානු බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

 ජුලි-අගෝස්තු කාලසීමාවේදී සැක පිට ඉන්දියාවෙන් අත්අඩංගුවට ගත් කොවිෂීල්ඞ් එන්නත් තොගය ව්‍යාජ ඒවා බව සීරම් ආයතනය විසින්ද තහවුරු කර තිබේ. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ව්‍යාජ ”කොවිෂීල්ඞ්” එන්නත් සම්බන්ධයෙන් කර ඇති ප‍්‍රකාශය පිළිබඳව මෙතෙක් ඉන්දීය රජය මගින් කිසිදු නිල ප‍්‍රකාශයක් නිකුත් කර නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණ පවත්වන බව වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment