ඉන්දියාවේ අධික උණුසුමින් රත් වූ නගරවල – මෝටර් රථ බොනට්ටුවල රොටි /බිත්තර තනයි

363

ඉන්දියාවේ වැඩි ප්‍රදේශයකට බලපා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අධික උණුසුමක් පවතින ප්‍රදේශවල ජනතාව රත් වූ මෝටර් රථවල බොනට්ටු හා මාර්ග මත රොටී තැනීම හා බිත්තර බැදීම මෙම දිනවල පොදු දසුනක්ව පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධික ලෙස හිරු රැස් මෝටර් රථ බොනට්ටු හා මාර්ග මත පතිත වීමත් සමගම ඒවා

 ගින්දර තරමට රත්ව තිබෙන අතර මේ නිසා ඒ මත පිළියෙල කළ පිටි බදාමයක් තබා රොටි වර්ග පිළියෙල කිරීමටත් බිත්තර බැදීමටත් ජනතාව පෙළඹී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නගරයේ උෂ්ණත්වය පසුගිය දිනවල සෙල්සියස් අංශක 46ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර උතුරු හා දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් තිබිණි. දේශගුණික විපර්යාසය හේතුවෙන් හටගෙන ඇති ගෝලීය උණුසුම මෙම තත්ත්වයට හේතු වී ඇති බව විද්‍යාඥයෝ පවසති. අධික උණුසුම හේතුවෙන් බොහෝ නගරවල පිහිටි ගංගාවන් සිඳී ගොස් ඇති බව වාර්තා වී තිබේ. මේ අතර අධික උණුසුම බලපා තිබූ රාජස්ථානය, පන්ජාබය, හරියානා හා දිල්ලි යන ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ත් 4ත් අතර ප්‍රමාණයකින් ඊයේ දිනයේ අඩු වී තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම වසරේ අප්‍රේල් මාසයේ ඉන්දියාවේ හටගත් අධික උෂ්ණත්වය වසර 122කට පසු එරට ඇති වූ දරුණුම උණුසුම බව වාර්තා වේ.

 සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment