ඉන්දියාවේ ඇස්ට‍්‍රා සෙනෙකා ‘කොවිෂීල්ඞ්’ එන්නත එංගලන්තය පිලිගනී

239

එංගලන්තය විසින් මෙතෙක් අනුමත නොකළ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඞ් – ඇස්ට‍්‍රා සෙනෙකා වර්ගයට අයත් ‘කොවිෂීල්ඞ්’ කොරෝනා මර්දන එන්නතට ප‍්‍රථම වරට එරට අනුමැතිය හිමි වී තිබේ. එංගලන්තයේ වෙසෙන හා එරටට පැමිණීමට අපේක්ෂා කරන ඉන්දීය ජාතිකයන් රැසක් විසින් ‘කොවිෂීල්ඞ්’ කොරෝනා මර්දන එන්නතට එංගලන්තයේ අනුමැතිය හිමි නොවීම සම්බන්ධයෙන් විරෝධය පෑම නිසා මෙසේ එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා අනුමැතිය ලබා දී තිබේ. මේ අනුව එංගලන්තයේ සංචාරක රෙගුලාසිද සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

 කෙසේ වුවද අදාළ එන්නත ලබා ගත් ඉන්දීය ජාතිකයන් එංගලන්තයට පැමිණි පසු ඔවුන්ව දින 10ක හෝටල් නීරෝධයනයට ලක් කිරීමෙන් මුදා හරින්නේද යන්න පිළිබඳව මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ වී නොමැත. එංගලන්තය විසින් පසුගිය කාලයේ ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිපදවනු ලැබූ ’කොවිෂීල්ඞ්’ එන්නත ඵලදායී කොරෝනා මර්දන එන්නතක් ලෙස පිළිගැනීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඉන්දියවෙන් දැඩි විරෝධතා මතුව තිබිණි. ඉන්දීය ජාතිකයන්ට ලබා දී ඇති කොරෝනා එන්නත් මාත‍්‍රාවලින් බහුතරය වන මාත‍්‍රා මිලියන 721ක්ම ‘කොවිෂීල්ඞ්’ මාත‍්‍රා වීම නිසා ඉන්දියාව එම එන්නත පිළිනොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබිණි. පසුගියදා ඉන්දියාව විසින් එංගලන්තයට පැමිණෙන අදාළ එන්නත් මාත‍්‍රා සම්පූර්ණයෙන් ලබා ගත් ඉන්දීය ජාතිකයන් ස්වයං නිරෝධායනයෙන් මුදා හරින ලෙසද නිල වශයෙන් ඉල්ලීමක් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment