ඉන්දියාවේ ඉරණම විසඳෙන ශ්‍රී ලංකාව අතර තරගය අද

938

මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි ජාතික ක‍්‍රීඩා සංකීර්ණයේ දී දැන් ක‍්‍රියාත්මක 13 වැනි දකුණු ආසියාතික රටවල පාපන්දු තරගාවලිය හෙවත් සාෆ් පාපන්දු සටනේ 05 වන තරගය අද (07) පස්වරු 04.00 ට ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වේ.

මෙවර තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන තෙවන තරගය මෙය වන අතර ඉන්දීය කණ්ඩායම දෙවන තරගය සඳහා පිටියට අවතීර්ණ වෙයි.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 107 වැනි ස්ථානයේ පසුවන ප‍්‍රබල ඉන්දියාවට එරෙහිව අද (07) පැවැත්වෙන තරගයේ දී ශ‍්‍රී ලංකාව පෙරළිකාර ජයග‍්‍රහණයක් වාර්තා කර ගතහොත් මෙවර තරගාවලියේ තීරණාත්මක අවසන් තරග බලාපොරොත්තුව අවම මට්ටමක හෝ පවත්වා ගත හැකිය.

ඉන්දියාවේ ඉරණම විසඳෙන ශ්‍රී ලංකාව අතර තරගය අද

මිනිත්තු 90 ක කාලය පුරාම ශාරීරික යෝග්‍යතාවය නියතව පවත්වා ගෙන යෑම මෙන්ම මානසික ඒකාග‍්‍රතාවය රඳවා ගැනීම හා අන්‍යොන්‍ය විශ්වාසයෙන් යුතුව පන්දු හුවමාරුව ශ‍්‍රී ලංකා කඳවුරෙන් අද දිනයේ සාර්ථක විය යුතුමය. තාක්ෂණය පිරිපුන් උපක‍්‍රමශීලී ක‍්‍රීඩා රටාවක නිරත වීමට සුජාන් පෙරේරා ප‍්‍රමුඛ ක‍්‍රීඩකයින් වගබලා ගත යුතු වන්නේ තරග සැලසුමට හා තරග ක‍්‍රමවේදයට අනුව විය යුතුය.

ඒ සඳහා අද දිනයේ දී ඉන්දියාව මෙන්ම ලබන සෙනසුරාදා (10) දින සත්කාරක මාලදිවයින ද අනිවාර්යෙන්ම පරාජය කිරීමට ශ‍්‍රී ලංකාවට සිදුවෙයි.

ඒ අනුව ශ‍්‍රී ලංකාවට ලැබෙන උපරිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 06 කි.

මේ වන විට ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින නේපාලය ලබා සිටින ලකුණු සංඛ්‍යාව 06 කි. ඒ තවත් තරග 02 ක් ඉතිරිව තිබෙන පරිසරයක් තුළය.

ප‍්‍රසාද ලකුණු 04 ක් ලබා සිටින බංග්ලාදේශයට තවත් තරග 02 ක් තිබීම ඔවුන්ට වාසියකි.

මේ අතරවාරයේ එක් ප‍්‍රසාද ලකුණකට හිමිකම් කියන ඉන්දීය පිලටද අද තරගය අතිශයින්ම වැදගත් වේ. ඒ අනුව බලන විට ශ‍්‍රී ලංකාවෙන් එල්ල වන අභියෝගයට එරෙහිව ඔවුන් තම උපරිමය ප‍්‍රදර්ශනය කරනු ඇති බවට විශ්වාස කළ හැකිය.

ආරම්භක තරගයේ දී ප‍්‍රතිවාදී බංග්ලාදේශය පරාජය කිරීමට නොහැකි වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඉන්දියාව ද ප‍්‍රසාද ලකුණු පිපාසාවෙන් සිටීම ශ‍්‍රී ලංකාව දෙසින් බලන කල අවාසියකි.

2005 වසරේ සිට ඉන්දීය ජාතික කණ්ඩායමේ පෙර පෙළ ක‍්‍රීඩකයකු ලෙස ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වන සුනිල් චෙට්ටි‍්‍ර මෙල්ල කිරීම ද අද දිනයේ දී ශ‍්‍රී ලංකා කඳවුරෙන් සිදුවිය යුතුය. දකුණු ආසියාවේ වැඩිම ගෝල් රැුස් කරන්නා බවට පත්ව සිටින සුනිල් චෙට්ටි‍්‍ර තවත් ලෝක වාර්තාවක් අභියස සිටීම එයට හේතුවී තිබේ.

දැනට ලෝක පාපන්දු පිටියේ ක‍්‍රියාකාරී පාපන්දු ක‍්‍රීඩකයින් අතරේ සිව්වන වැඩිම ගෝල් රැුස් කරන්නා බවට පත්ව සිටින සුනිල් චෙට්ටි‍්‍ර නමින් ඇති ගෝල් සංඛ්‍යාව 76 කි. ලෝක පාපන්දු පිටියේ අසහාය ක‍්‍රීඩක බ‍්‍රසිලයේ ‘පේලේ’ නමින් ඇති ගෝල් වාර්තාව අභිබවා යෑම මෙවර තරගාවලියේ දී සිදුවෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. පෘතුගාලයේ ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී හා අලී මැබැකොට් මෙන්ම සුනිල් චෙට්ටි‍්‍ර අතර ගෝල් රැුස්කිරීමේ තරඟයක් ජාත්‍යන්තරය තුළ පවතී.

අද ප:ව: 09.00 ට මාලදිවයින සහ බංග්ලාදේශය අතර තරගය ද පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment