ඉන්දියාවේ උත්තර්කණ්ඩි ප‍්‍රාන්තයේ ජලගැලීම්වලින් 46ක් මරුට

221

උතුරු ඉන්දියාවේ උත්තර්කන්ඞ් ප‍්‍රාන්තයේ ධාරාණිපාත වර්ෂාවත් සමග හට ගෙන ඇති ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් තිබේ.

 ඇදහැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් උත්තර්කණ්ඞ් ප‍්‍රාන්තයේ මහාමාර්ග හා නිවාස රැසක් ජලයෙන් යට වී ඇති අතර පාලම් කඩා වැටී ඇති බව වාර්තා වී තිබේ. ජනප‍්‍රිය සංචාරක පුරවරයක් වන උත්තර්කණ්ඞ් ප‍්‍රාන්තයේ හටගෙන ඇති ජල ගැලීම් දේශගුණික විපර්යාසයන් හා අනවසර ඉදි කිරීම් හේතුවෙන් හටගෙන ඇති බව විද්‍යාඥයෝ පවසති. මේ අතර දකුණු ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ හටගෙන ඇති ජලගැලීම්වලින් පුද්ගලයන් 26 දෙනෙකු මේ වන විට මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment