ඉන්දියාවේ ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් දෙදෙනාගේ ආශ‍්‍රිතයන් සියලූ දෙනා හඳුනා ගනී

132

ඉන්දියාවෙන් හඳුනාගනු ලැබූ ප‍්‍රථම ‘‘ඔම්ක්‍රෝන්” වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් දෙදෙනාගෙන් එක් අයෙකු දකුණු අප‍්‍රිකාවේ සිට පැමිණි සංචාරකයකු වන අතර අනෙක් තැනැත්තා ඉන්දීය ජාතික වෛද්‍යවරයකු බව අනාවරණය වී තිබේ. ඉන්දියාවෙන් හඳුනාගනු ලැබූ මෙම ආසාදිතයන් දෙදෙනාම දකුණු ඉන්දීය ප‍්‍රාන්තයක් වන කර්ණාටක ප‍්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 66 හැවිරිදි දකුණු අප‍්‍රිකානු සංචාරකයා ඉන්දියාවේ සංචාරය නිම කර නැවත සිය රට බලා පිටත්ව ගොස් තිබේ.

ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය ආසාදනය වී ඇති දෙවැනි තැනැත්තා 46හැවිරිදි වියෙහි පසුවන වෛද්‍යවරයකු වන අතර ඔහු මැතකදී කිසිදු විදෙස් සංචාරයකට සහභාගි වී නොමැති අතර මොවුන් දෙදෙනාගේ ප‍්‍රාථමික හා ද්විත්ව ආශ‍්‍රිතයන් සියලූ දෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් සඳහා කොරෝනා පරීක්ෂණද සිදු කර තිබේ. මේ අතර කොරෝනා වෛරසය දරුණු ලෙස පැතිර යමින් පවතින ජර්මනියේ කොරෝනා එන්නත් ලබා නොගත් සියලූ දෙනාට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කර තිබේ. මේ යටතේ ජර්මනියේ පොදු ස්ථාන වන අවන්හල්, සිනමා ශාලා හා බොහෝ සාප්පු සඳහා ඇතුළත් වීමට ඉඩ ලබා දී ඇත්තේ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් සම්පූර්ණයෙන් ලබාගත් හා කොරෝනා ආසාදනය වැළඳී සුවපත් වූ අයට පමණකි.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment