ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යයි

149

ඉන්දියාවේ තවමත් පවතින දෙවැනි කොරෝනා වසංගත රැුල්ල යටතේ මාස දෙකක කාලයකින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (02දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළදී වාර්තා වී තිබේ. මේ අනුව එම කාලය තුළදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 47,092 දෙනෙකු හා කොරෝනා මරණ 509 ක් වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 70කට ආසන්න ප‍්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ කේරළ ප‍්‍රාන්තයෙන් බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 දකුණු ඉන්දීය ප‍්‍රාන්තයක් වන කේරළ ප‍්‍රාන්තයෙන් ඊයේ උදෑසන වන විට ගත වූ පැය 24ක කාලය තුළදී වාර්තා වී තිබු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32,803ක් වූ අතර කොරෝනා මරණ 173ක්ද වාර්තා වී තිබිණි. සමස්ත ඉන්දියාවෙන්ම ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙරේදා දිනයේ වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා සියයට 12ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

 කේරළ ප‍්‍රාන්තයෙන් දැනට සති කිහිපයක සිට වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20,000කට වඩා වැඩි මට්ටමක පවතින අතර මෙම තත්ත්වය යටතේ මධ්‍යම රජය විසින් දැනුම් දුන් පරිදි ප‍්‍රාන්තය නිසි වේලාවට අගුලූ දැමීමට ප‍්‍රාන්ත බලධාරීන් විසින් පියවර නොගැනීම වත්මන් තත්ත්වයට හේතු වී ඇති බව සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කර තිබේ. මෙවැනි තත්ත්වයක් තිබියදී කේරළ ප‍්‍රාන්තයට ආවේණික වූ ඉකුත් සතියේ යෙදී තිබුණු වාර්ෂිකව සමරන

 ‘නම්’ නමැති අස්වැන්න නෙලීමේ උත්සවයද සෞඛ්‍ය උපදෙස් නොතකමින් ප‍්‍රාන්තයේ බොහෝ ගම්මාන වල සැමරීම නිසා දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් වැඩි වී තිබේ. කේරළ ප‍්‍රාන්ත බලධාරීන් විසින් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ප‍්‍රමාණවත් පියවර නොගැනීම නිසා අවට පිහිටි ප‍්‍රාන්තවලටද මෙය අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment