ඉන්දියාවේ කොරෝනා වසංගතයට ‘ඔමික්‍රෝන්’ මුල්ව ඇති බව හෙළි වේ

168

ඉන්දියාවේ මෙම දිනවල පැතිර යන කොරෝනා වසංගතයට මුල්ව ඇත්තේ ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් වන ‘ඒ.2.38’ බව එරට වෛද්‍ය පර්යේෂකයන් විසින් අනාවරණය කර තිබේ. ඊයේ (21දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලසීමාව තුළදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 12,781 දෙනකු වාර්තා වී තිබූ අතර එම ආසාදිතයන් 18 දෙනකු මියගොස් තිබිණි.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දෛනිකව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන බව හෙළි වී ඇති අතර එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගෙන් බහුතරය තුළ පාචනය හා තද උණ යන රෝග ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන බව වෛද්‍යවරු පවසති.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment