ඉන්දියාවේ ‘කොවැක්සීන්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

146

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්දියාවේ නිෂ්පාදිත ‘කොවැක්සීන්’ කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දීමට පියවර ගෙන ඇත. ඉන්දීය රජයේ සහාය යටතේ එරට ‘භාරත් බයෝටෙක්’ සමාගම විසින් මෙම එන්නත නිපදවා ඇති අතර එහි සාර්ථකත්වය සියයට 78ක් බවත් එන්නත සියයට 200ක් ආරක්ෂිත බවත් එම සමාගම විසින් නිවේදනය කර තිබේ.

 ඉන්දියාවේ ජනගහනයට ලබා දෙන කොරෝනා මර්දන එන්නත් වර්ග තුන අතරින් එක් එන්නතක් වන ‘කොවැක්සීන්’ එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට ඉදිරිපත් කර කලක් ගත වූ පසු මෙසේ ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ. කෙසේ වුවද මෙම එන්නත සම්බන්ධයෙන් වන තුන්වැනි අදියරයෙහි සායනික පරීක්ෂණ තවමත් සිදු කෙරෙමින් පවතී. මෙම එන්නත සම්බන්ධයෙන් වන සම්පූර්ණ දත්ත වාර්තා එන්නත නිෂ්පාදනය කරන ලද සමාගම විසින් ඉදිරිපත් කර නොතිබියදී ඒ සඳහා කඩිනමින් අනුමැතිය ලබා දීම පිළිබඳව ඇතැම් විද්වතුන් විසින් ප‍්‍රශ්න කර ඇතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ‘කොවැක්සින්’ එන්නතෙහි ඇති වාසි එහි ඇති අවදානම් සාධක අභිබවා යන බව සංවිධානය විශ්වාස කරන බවයි. මෙම එන්නත ඉකුත් ජනවාරි මාසයේ සිට ඉන්දියාවේ භාවිත වේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment