ඉන්දියාවේ ගුහාවකින් වසර දස දහස් ගණනක් පැරණි ගල් උපකරණ සොයා ගනී

310

ලොව කිසිදු ස්ථානයකින් මෙතෙක් සොයා නොගත් මෙයට වසර දස දහස් ගණනකට පෙර ආදී මුතුන් මිත්තන් විසින් භාවිත කරන ලද ගල්වලින් තැනු උපකරණ තොගයක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගුහාවක තිබී සොයා ගත් බව ඉන්දීය පර්යේෂකයන් පිරිසක් පවසා තිබේ. මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ ‘සින්දුදුර්ග්’ ප්‍රදේශයේ කැලෑවක පිහිටි ගුහාවක තිබී සොයාගෙන ඇති මෙම ගල්වලින් තැනූ උපකරණ අතර ඇති කුඩා උපකරණ වසර 10,000ක් පමණ පැරණි ඒවා බව හඳුනාගෙන ඇති අතර විශාල උපකරණ වසර 20,000ක් පමණ පැරණි බව එම උපකරණ කැණීම්වලදී සොයා ගත් පර්යේෂකයන්ගේ කණ්ඩායමේ පර්යේෂකයකු වන රුටිවිජ් අප්ටේ මාධ්‍යයට පවසා තිබේ.

මෙම ගල්වලින් තැනූ උපකරණ සොයා ගැනුණු ගුහාව පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ඉකුත් වසරේදී සොයා ගෙන තිබූ අතර එහි බිත්තිවල තිබූ සිතුවම්වල පවා මෙම උපකරණ දක්නට ලැබුණු බව පර්යේෂකයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment