ඉන්දියාවේ දම්රෝ පියෙස්ට්‍රා අලෙවි නියෝජිත හමුව හා සම්මාන ප්‍රදානෝත්සවය කොළඹදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

275

ඉන්දියාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති දම්රෝ පියෙස්ට්‍රා අලෙවි නියෝජිත හමුව හා සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ මරීනෝ බීච් හෝටලයේදී පවත්වනු ලැබීය.

ඉන්දියාව පුරා අලෙවි කටයුතු සිදුකරන දම්රෝ පියෙස්ට්‍රා අලෙවි නියෝජිතයන් 250ක් මේ සඳහා සහභාගී වූහ.

ඉන්දියාවේ දම්රෝ සහ පියෙස්ට්‍රා නිෂ්පාදන අලෙවි කරන අලෙවි නියෝජිතයන් 600ක් හා දම්රෝ ප්‍රදර්ශනාගාර 104කින් පමණ වැඩිම අලෙවි වාර්තා තබා තිබූ මෙම අලෙවි නියෝජිතයන් මෙරටට ගෙන්වා සම්මාන ලබාදීමට මෙරට අංක 1 ගෘහ භාණ්ඩ නිෂ්පාදකයා වන දම්රෝ සමාගම කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සංචාරක හා ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දු, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ යන මහත්වරුන් සහභාගී විය.

මෙම සම්මාන උළෙලේදී ඉන්දියාව තුළ දම්රෝ පියෙස්ට්‍රා ඉහළම අලෙවියක් වාර්තා කළ අලෙවි නියෝජිතයන් 20ක්, හොඳම දම්රෝ ව්‍යාපාර සහකරුවන් 10ක් හා වැඩිම අලෙවියක් වාර්තා කළ දම්රෝ ප්‍රදර්ශනාගාර සම්මානයට පාත්‍ර විය.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment