ඉන්දියාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් සිරගත කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්

247

ඉන්දියාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් වන විජේ මල්යා සිරගත කිරීමට එරට අධිකරණය නියෝග කර ඇත. ඔහු සතුව තිබූ කිංෆිෂර් නමැති ගුවන් සමාගම කඩාවැටීමෙන් අනතුරුව අධිකරණය ලබාදුන් නියෝගයකට අවනත නොවීම නිසා මෙලෙස සිරගත කිරීමට නියෝග කර තිබේ.

 මේ වන විට ඔහු එංගලන්තයේ සැඟව සිටින බව වාර්තාවේ. ඔහු එංගලන්තයෙන් පිටිවහල් කරගැනීමට ඉන්දීය බලධාරීන් ගත් උත්සාහයන් අසාර්ථක වී ඇත.ඉන්දියාවේ දෙවැනි විශාලතම අභ්‍යන්තර ගුවන් ගමන් සමාගම ලෙස කිංෆිෂර් ගුවන් සමාගම 2012 වසරේ පත්ව තිබුණි. ඔහුට එරෙහිව එල්ලවූ දූෂණ චෝදනා සමගම 2016 වසරේදී එංගලන්තයට පැනගොස් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment