ඉන්දියාවේ මුරලි සමුගනී

277

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 2008-18 කාලය තුළ නිත්‍ය ආරම්භක පිතිකරුවෙක් ව සිටි මුරලි විජේ සිය ක්‍රිකට් ජීවිතයට සමුදීමට තීරණය කර තිබේ.

මේ වන විට 38 වැනි වියේ පසුවන ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 61කට එක්දින ජාත්‍යන්තර තරග 17කට සහ විස්සයි විස්ස තරග 09කට ද ක්‍රීඩා කර තිබේ.

සිය ටෙස්ට් ක්‍රිකට් තරග 61ක් තුළදී පිතිකරණ සාමාන්‍ය 38.28ක අගයක රඳවා තබා ගනිමින් ශතක 12ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ටෙස්ට් ලකුණු 3982ක් ලබා ගැනීමට සමත් වූ ඔහු 2013 – 15 තරග සමය තුළ ඉන්දියාව වෙනුවෙන් දෙවැනියට වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත් වීමට ද සමත් වූයේය. 2008 වසරේදී ඔස්‌ට්‍රේලියාවට එරෙහිව මුරලි ටෙස්ට් වරම් දිනා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment