ඉන්දියාවේ මෝගල් රාජ වංශයට අයත් උපැස් යුවලක් ලන්ඩනයේදී වෙන්දේසියට

634

ඉන්දියාවේ පැරණි මෝගල් රාජ වංශයක හඳුනානොගත් රජ කෙනෙකුට අයත් දුර්ලභ ඝනයේ දියමන්ති හා මරකත (එමරල්ඞ්) යන මැණික්වලින් නිම වූ උපැස් යුවලක් මෙම මස අවසානයේ ලන්ඩන් නගරයේදී වෙන්දේසි කරන බව ප‍්‍රකට ‘සෝත්බීස්’ වෙන්දේසි සමාගම විසින් නිවේදනය කර තිබේ. ඉන්දියාවේ 1890 වසරේ සිටි මෝගල් රජ කෙනෙකුට අයත් මෙම දුර්ලභ ඝනයේ උපැස් යුවල වෙන්දේසියට තැබීමට යනුයේ යුරෝ මිලියන 1.5-2.5ත් අතර වූ මිලකටය.

 වෙන්දේසියට පෙර මෙම උපැස් යුවල මෙම මාසය තුළ පළමු වරට හොංකොං රාජ්‍යයේ හා ලන්ඩනයේ ප‍්‍රදර්ශනයට තැබීමට ද වෙන්දේසිකරුවන් විසින් කටයුතු යොදා තිබේ. මෙම දුර්ලභ ඝනයේ මැණික්වලින් නිමවූ උපැස් යුවල නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින් දැයි පැහැදිලි නැතත් මෙය චිත‍්‍ර නිර්මාණයට හා ගෘහ නිර්මාණ ශිල්පයට දස්කම් දැක්වූ 18 වැනි හා 19 වැනි ශත වර්ෂවල ඉන්දියාවේ පාලන කටයුතුවල නිරතව සිටි මෝගල් රාජවංශයට අයත් වන බව සෝත්බිස් වෙන්දේසි සමාගම විසින් නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment