ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ හින්දු – මුස්ලිම් ගැටුම් ඇවිළේ

471

උතුරු ඉන්දියානු ප්‍රාන්තයක් වන රාජස්ථාන් ප්‍රාන්තයේ ‘උදයිපුර්’ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු විසින් හින්දු ජාතිකයකු මරා දමා එම සිදුවීම රූපගත කර අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධියක් හේතුවෙන් ප්‍රාන්තයේ හින්දු හා මුස්ලිම් ජාතිකයන් අතර ගැටුම් හටගෙන තිබේ.

රාජස්ථාන් ප්‍රාන්තයේ බහුතර හින්දු ජාතිකයන් විසින් අදාළ ඝාතනයට එරෙහිව විරෝධතා පැවැත්වීමත් සමගම නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ඇඳිරි නීතිය දැඩි ලෙස පනවා ප්‍රාන්තය සම්පූර්ණයෙන් වසා දමා ඇති බලධාරීහු ජංගම දුරකථනවල අන්තර්ජාල සබඳතා විසන්ධි කිරීමට පියවර ගෙන තිබේ. මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු විසින් රාජස්ථාන් ප්‍රාන්තයේ උදයිපුර් දිස්ත්‍රික්කයේ ඇඳුම් මසන්නෙකු (ටේලර්) වන කන්හයියා ලාල් නමැත්තා සිය මැහුම් සාප්පුවේ සිටියදී ඔහුව සාප්පුවෙන් එළියට ඇදගෙන විත් පහරදී මරා දැමූ බවට මේ වන විට තහවුරු වී තිබේ. මෙම ඝාතනයට සම්බන්ධ මුස්ලිම් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් මේ වන විට පියවර ගෙන තිබේ. නොබෝදා ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන ජාතික ප්‍රකාශිකාව වූ නුපුර් ෂර්මා විසින් මහම්මත්තුමාට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශයකට සහය පළ කිරීම නිසා කන්හයියා ලාල් මරා දැමූ බව අත්අඩංගුවේ පසුවන ඝාතකයන් පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment