ඉන්දියාවේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු ලක්ෂ 10ක්

232

සේවකයන් බදවා ගැනීමේ අපහසුතාවක නිසා

ඉන්දියාවේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු ලක්‍ෂ 10කට අධික ප්‍රමාණයක් ඇතත් එම පුරප්පාඩු සඳහා සේවකයන් බඳවා ගැනීමේ අපහසුතාවයක් පවතින බව ඉන්දීය මධ්‍යම රජය පවසයි.ඒ අනුව ඉදිරි මාස 18ක කාලය ඇතුළත රාජ්‍ය සේවයට ලක්‍ෂ 10ක සේවකයන් බඳවා ගන්නා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මධ්‍යම රජයට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් උපදෙස් දී ඇත. මධ්‍යම රජය විසින් දෙපාර්තමේන්තු සඳහා රැකියා ලක්‍ෂ 40කට වැඩි සංඛ්‍යාවක් අනුමත කර ඇතත් බඳවා ගැනීමට හැකිවී ඇත්තේ සේවකයන් ලක්‍ෂ 32කටත් අඩු ප්‍රමාණයක් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.වසර ගණනාවක් පුරා මෙම පුරප්පාඩු පිරවීමට රජය උත්සාහ ගත්තද එය සාර්ථකවී නැති බව අනාවරණය වී තිබේ. මෙම පුරප්පාඩු වැඩි ප්‍රමාණයක් පවතින්නේ ප්‍රධාන අමාත්‍යාංශවල සහ සිවිල් ආරක්‍ෂක, දුම්රිය සහ ආදායම් බදු වැනි රජයේ දෙපාර්තමේන්තුවල බව හඳුනාගෙන ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment