ඉන්දියාවේ රැකියා විරහිත අනුපාතය ඉහළට

234

කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති සීමාකිරීම් හේතුවෙන් ඉන්දියාවේ නාගරික මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල රැුකියා විරහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට ශ‍්‍රම වෙළෙඳපළ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පවසයි. එම ආයතනවලට අනුව මෙම සතිය වන විට නාගරික ප‍්‍රදේශවල රැුකියා විරහිත අනුපාතය සියයට 8.01 ක් වූ අතර ග‍්‍රාමීය ප‍්‍රදේශවල එම අනුපාතය සියයට 6.75ක් ලෙස වාර්තා වී තිබේ.
 
 කෙසේ වුවද රජයේ ආර්ථික විශේෂඥයන් පවසනුයේ ඉන්දියාවේ රැුකියා විරහිතභාවය ඉදිරි කාලයේදී ආර්ථික කටයුතු වර්ධනය වීමත් සමගම පහත බසිනු ඇති බවයි. එම තත්ත්වයට ළඟා වීමට නම් කොරෝනා එන්නත්කරණය දැනට වඩා වේගවත් කළ යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment