ඉන්දියාවේ වායු දූෂණයෙන් ළමුන්ට තරබාරු බව හා ඇදුම

183

අධික වායු දූෂණයට නිරාවරණය වන ළමුන් අතර තරබාරු බවට හා ඇදුම රෝගයට ගොදුරු වීම දැඩි අවදානමක් පවතින බව ඉන්දියාවේ සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයනයට අනුව තරබාරු බවට පත් වන කුඩා ළමුන්ට ඇදුම රෝගය වැලඳීමට සියයට 79ක වැඩි හැකියාවක් පවතී.

 සැම වසරකම විෂ රසායනික ද්‍රව්‍යයන් වායුගෝලයට එක් වීම නිසා අධික ලෙස වායු දුෂණයට ගොදුරු වන දිල්ලි නගරයේ මෙම තත්ත්වය වඩාත් දැඩි ලෙස පවතින බව ඉන්දියාවේ පෙනහළු ආරක්ෂාව පිළිබඳ පදනම හා පුල්මෝකෙයාර් එඩියුකේෂන් ඇන්ඞ් රිසර්ච් ආයතනය මගින් සිදු කරන ලද මෙම අධ්‍යයනයේදී හෙළි වී තිබේ. මෙම අධ්‍යයනය ඉන්දියාවේ සිදු කළ ඇදුම රෝගය, වායු දූෂණය හා කුඩා ළමුන් පිළිබඳ පළමු අධ්‍යයනය සේ සැලකේ. අධික වායු දූෂණය ඉදිරියේදි කුඩා ළමුන් අතර ශ්වසන ආබාධයන් ඇති කිරීමට ඉඩ ඇති නිසා වායු දූෂණය අවම කිරීමේ ක‍්‍රියාමාර්ග ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව පර්යේෂකයෝ පෙන්වා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment