ඉන්දියාවේ විජලනයෙන් බිමට ඇද වැටෙන කුරුල්ලන්ගේ සංඛ්‍යාව ඉහළට

405

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ මෙම දිනවල මුහුණ පා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පියාසර කරමින් සිටියදී විජලනය නිසා අප්‍රාණිකව පොළවට ඇද වැටුණු කුරුල්ලන් දහස් ගණනක් බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන රෝහල් වෙත ප්‍රතිකාර සඳහා රැගෙන එන බව වාර්තා වී ඇත.

ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ පිහිටි ජිව්දයා සුබසාධන පදනම මගින් පාලනය වන පශු වෛද්‍ය රෝහල පවසා ඇත්තේ මෙවැනි විජලනය හේතුවෙන් අප්‍රාණිකව පොලවට ඇද වැටුණු කුරුල්ලන් දහස් ගණනකට පසුගිය සති කිහිපය තුළදී සිය රෝහලින් ප්‍රතිකාර ලබා දුන් බවයි. එම රෝහලට අනුව මෙසේ අධික උණුසුම මත හටගන්නා විජලනය හේතුවෙන් ඇද වැටුණු පරවියන් හා කයිට්ස් යන කුරුල්ලන් විශාල පිරිසක් තවමත් විවිධ පුද්ගලයන් විසින් රෝහල වෙත රැගෙන ඒම සිදු කරයි. දශක ගණනාවකට පසු ඉන්දියාවේ හටගෙන ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය වන මෙම කාලගුණ තත්ත්වය හටගැනීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගන්නා ගෝලීය උණුසුම වන අතර මේ හේතුවෙන් ගිනි අනතුරු පිළිබඳව සැළකිලිමත් වන ලෙස අගමැති නරේන්ද්‍ර සිං මෝඩි විසින් ජනතාවට පසුගියදා අනතුරු ඇඟවීය.

advertistmentadvertistment
advertistmentadvertistment