ඉන්දියාවේ සමාජ මාධ්‍ය වාරණ යෝජනාවට කර්තෘ සංසදයේ විරෝධය

124

ඉන්දියාවේ සමාජ මාධ්‍ය ජාලවල පළ වන ව්‍යාජ ප්‍රවෘත්ති පාලනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කිරීමට යන යෝජනාව හරහා මාධ්‍යවල පළ වන ප්‍රවෘත්ති වාරණය කිරීමක් සිදුවන බැවින් එම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉන්දීය ප්‍රවෘත්ති කර්තෘවරුන්ගේ සංසදය එරට රජයෙන් ඉල්ලා තිබේ. ව්‍යාජ පුවත් පාලනය කිරීම සඳහා යැයි ගෙන ඒමට යන යෝජනාවලිය හරහා සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයම වාරණයකට ලක් වන බව කර්තෘ සංසදයේ අදහස වී තිබේ.

අගමැති නරේන්ද්‍ර සිං මෝඩි ගේ රජයේ අදහසකට අනුව ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර ඇති ‘තොරතුරු තාක්ෂණ නීති රීති – 2021’ යන සංශෝධනය හරහා ව්‍යාජ යැයි රජය විසින් හඳුනාගන්නා ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම තහනම් කිරීමේ බලය රජයට පැවරේ.

advertistmentadvertistment
advertistmentadvertistment