ඉන්දියාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ශ්‍රේණිගතකර ඇති අයුරු ගැන චෝදනාවක්

293


ලෝක ආර්ථික සංසදයේ තක්සේරුව අනුව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අනුව ඉන්දියාව 135 වන ස්ථානයට ශ්‍රේණිගත කර ඇතැයි මධ්‍යම කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය ස්ම්‍රිටි ඉරානි මහත්මිය පවසයි.බිම් මට්ටමේ කාන්තාවන්ගේ දේශපාලන සවිබල ගැන්වීම් සහ මූල්‍ය ඇතුළත් කිරීම් සැලකිල්ලට ගැනීමට මෙම දර්ශකය අසමත් වූ බව පැවසූ ඉරානි මහත්මිය ඉන්දියාව ගෝලීය සාගින්න දර්ශකයට අභියෝග කළ ආකාරයෙන් ගෝලීය ස්ත්‍රී පුරුෂ අන්තර දර්ශකය විසින් සිදු කර ඇති දේ අභියෝගයට ලක් කිරීමට කාලය පැමිණ ඇතැයි ද කීවාය. මෙම මිනුම බටහිර ප්‍රමිතීන් හරහා සිදු කර ඇති බවද අමාත්‍යවරිය පැවසුවාය.දේශපාලන සවිබල ගැන්වීමේ සලකුණු සම්බන්ධයෙන් ගත් කල දිස්ත්‍රික් පංචායතන සභාපතිවරුන් සර්පන්ච්වරුන් නගරාධිපතිවරුන් සහ මන්ත්‍රීවරුන් ලෙස පංචායතන සහ මහ නගර සභා හරහා සේවය කරන කාන්තාවන් මෙම දර්ශකය සැලකිල්ලට නොගන්නා බව ඇය පැවසුවාය. ගුජරාට් ප්‍රාන්තයේ ගාන්ධිනගර් දිස්ත්‍රික්කයේ ලාවාඩ්හි රාෂ්ට්‍රිය රක්ෂා විශ්වවිද්‍යාලයේ සංවිධානය කරන ලද වීඩියෝ සබැඳියක් හරහා සම්මන්ත්‍රණයකදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ජිනීවා හි නිකුත් කරන ලද ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වාර්තාව 2022 ට අනුව අයිස්ලන්තය ලොව වඩාත්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහිත රට ලෙස එහි ස්ථානය රඳවා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment