ඉන්දියාවේ සෙරම් ආයතනය කොවිඩ් එන්නත නිපදවීම නතර කරයි

225


එම්ආර්එන්ඒ එන්නත් මත පමණක් විශ්වාසය තැබූ රටවල්වලට වඩා කොවිෂිල්ඩ් ලබා ගත් රටවල් බෙහෙවින් යහපත් වී ඇති බව ඉන්දියාවේ සෙරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පුනවල්ලා පවසයි.තම සමාගම කොවිඩ් -19 එන්නත නිෂ්පාදනය නතර කර ඇති බවත් කොවිඩ් 19 ට එරෙහිව එන්නත් සඳහා ආයෝජනය කිරීමට තවදුරටත් බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කරයි.එක්සත් ජනපදය වාර්ෂික බූස්ටර ගැන පවා කල්පනා කරයි. අවදානමට ලක්විය හැකි කාණ්ඩ සහ සංචාරය කරන සහ ඉතා විශාල සමාජ රැස්වීම්වලට යන පුද්ගලයින් සඳහා බූස්ටරයක් ​​ගැනීම ඉතා වැදගත් වේ.දැන් එකම ප්‍රශ්නය කුමන බූස්ටරයද ගතයුත්තේ කියාය. නොවැවැක්ස් නිෂ්පාදනය වන කොවොවැකස් චීනය ඇතුළු ලෝකයේ ව්‍යාප්ත වන ඔමික්‍රෝන් සහ ඔමික්‍රොන් උප ප්‍රභේදවලට එරෙහිව හොඳම බව ඔප්පු වී ඇත. කොවොවැකස් යනු එක්සත් ජනපදය සහ රෝපීය ඖෂධ නියෝජිතායතනය අනුමත කරන ලද ඉන්දියාවෙන් ලබා දෙන එකම එන්නත ද වේ .අපි එක්සත් ජනපදයට සහ යුරෝපයට එහි මාත්‍රාව මිලියන 100 කට වඩා අපනයනය කර ඇත.එය ඇමෙරිකානු ආහාර සහ ඖෂධ ආයතනය සහ යුරෝපීය අනුමත කර ඇති නිසා අනෙක් රටවල් දැනටමත් එන්නත් ලබාගෙන ඇත. මෙය එක්සත් ජනපදයට සහ යුරෝපයට තල්ලුවක් වනු ඇතැයි සිතන බවද පුනවල්ලා මහතා පවසයි. අප්‍රිකානු මහාද්වීපය සඳහා මේ වසර අවසන් වන විට මැලේරියා එන්නත දියත් කිරීමට කටයුතු කරමින් සිටින බවද අදාර් පුනවල්ලා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment