ඉන්දියාවේ ළමා විවාහ: ප‍්‍රියංකාගේ කතාව

720

උතුරු ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ අධ්‍යාපනය ලබා රැකියාවක් කිරීමට සිහින මැවූ දරුවෙකු සමඟ විවාහ වූ ගැහැනු ළමයින් තිදෙනෙකුගේ කතාව මාධ්‍යවේදිනී රෝහානි කවුර් විසින් හෙළිකර ඇත.

 ප‍්‍රියංකා, මීනාෂි සහ ශිවානි හැදී වැඩුණේ බලගතු ගුජ්ජර් ගොවිජන ප‍්‍රජාව විසින් ප‍්‍රධාන වශයෙන් වාසය කරන ටැම්ටමා ගම්මානයේය. මෙය දිල්ලියේ තදාසන්න ප‍්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී ගුර්ගෝන් සිට පැය භාගයකට අඩු කාලයකින් මෙම ගම්මානයට ළඟා විය හැකිය. 16 හැවිරිදි දැරියන් තිදෙනා කුඩා කල සිටම යහළුවන්. ඔවුන් තිදෙනාම ළමා විවාහයන් – ගැහැනු ළමයින් තිදෙනාගෙන් එක් අයෙක් වයස අවුරුදු 10 දී විවාහ වී ඇත. ඉන්දියාවේ වයස අවුරුදු 18 ට අඩු කාන්තාවන්ට විවාහ වීම නීති විරෝධී ය. නමුත් දරිද්‍රතාවය හේතුවෙන් ඉන්දියාවේ බොහෝ ප‍්‍රදේශවල ළමා විවාහ සිදුවේ. යුනිසෙෆ් සංවිධානයට අනුව, ලොව වැඩිම ළමා විවාහක කාන්තාවන් සංඛ්‍යාවක් සිටින රට ඉන්දියාව වන අතර, එය ලොව පුරා සිටින මෙම සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වේ. සෑම වසරකම වයස අවුරුදු 18ට අඩු කාන්තාවන් මිලියන 1.5ක් පමණ විවාහ වන බව යුනිසෙෆ් ආයතනය ගණන් බලා ඇත.

 ප‍්‍රියංකා, මීනාෂි සහ ශිවානි – මේ යහළුවන් තිදෙනාට ස්වාධීන ජීවිතයක් ගත කිරීමට අවශ්‍යයි, නමුත් එය ඉදිරියේ විශාල අභියෝග ඇති බවත් ඔවුන් දනී. තම සැමියා විවාහ වන විට ප‍්‍රියංකාගේ වයස අවුරුදු 10 කි. වසර හතකට පසු ඇය දැනට 11 වසරේ ඉගෙනුම ලබයි. සැමියා තවමත් සිය දෙමාපියන්ගේ නිවසේ ජීවත් වේ. නමුත් සැමියාගේ පවුලේ අය ප‍්‍රියංකාට පවසන්නේ ඔහුට පොලිසියේ රැකියාවක් ලැබුණු පසු දෙදෙනා එක්ව වාසය කළ යුතු බවය. මේ නිසා ඇය බියට පත් වී තම කනස්සල්ල දිනපොතට මෙලෙස එක්කර ඇත. ‘‘විවාහ කරලා මාව බැඳගන්න එපා, මම පොඩි කෙල්ලෙක්, මට මගේ සෙල්ලම් බඩු දාලා නැන්දම්මා ළඟට යන්න ඕන නෑ” ඇය සිය දිනපොතේ ලියා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment