ඉන්දියාවේ ළිඳකට ඇද වැටී 35ක් මරුට

275

මධ්‍යම ඉන්දීය ප්‍රාන්තයක් වන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කෝවිලක ආගමික වත් පිළිවෙත් ඉටු කරමින් සිටි පිරිසක් ළිඳකට ඇද වැටීම හේතුවෙන් පුද්ගලයන් 35 දෙනකු මිය ගොස් ඇති අතර තවත් එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්ඩෝර් නගරයේ ළිඳක් මත යොදා තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් මත සිටිමින් ආගමික වත් පිළිවෙත් ඉටු කරමින් සිටි පිරිසක් මෙසේ ළිඳට වැටී ඇත්තේ ඔවුන්ගේ බර දරා ගත නොහැකිව එම කොන්ක්‍රීට් තට්ටුව ළිඳට කඩා වැටීම හේතුවෙනි.

කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමෙන් ළිඳට වැටුණු තවත් 18 දෙනකු බේරා ගෙන රෝහල්ගත කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. අඩි 40ක් (මීටර් 12ක්) ගැඹුරු ළිඳට වැටුණු පුද්ගලයන් සොයා ජාතික හා ප්‍රාන්ත ආපදා ප්‍රතිචාර ඒකකයන්ට අයත් නිලධාරීහු 75 දෙනකු පමණ මෙහෙයුමක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සිය

කනගාටුව පළ කර සිටින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment