ඉන්දියාවේ 7කගෙන් ලෝක වාර්තාවක්!

326

පැය 10යි විනාඩි 45කින් තලෙයිමන්නාරමේ සිට ධනුස්කොඩියට පීනති

තලෙයිමන්නාරම් මුහුදේ සිට පැය 10 යි විනාඩි 45 කින් ඉන්දියාවේ ධනුස්කොඩිය දක්වා පීනා නව ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාවේ පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනකු 14 දා සමත් වී ඇත.

ශ්‍රී ලංකා රජයේ අවසර ලබාගෙන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බෝට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ ධනුස්කොඩිය දක්වා පිහිණුම් තරගය ආරම්භ කළහ. ඔවුන් තලෙයිමන්නාරමෙන් අලුයම 5 ට මුහුදට පැන පීනා පස්වරු 3.45 ට (පැය 10 යි විනාඩි 45 කින්) ධනුෂ්කොඩි අරිචල් තුඩුව ප්‍රදේශයට ළඟා වී එම නව ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ පිහිණුම් සමාජයට අයත් ප්‍රශාන්ත් රාජන්න, රාජසේකර් තුබරහල්ලි, ජයප්‍රකාශ් මුන්යාල් භායි, අජාත් අංජනප්පා යන ක්‍රීඩකයින් සිව් දෙනාද, සුමා රාඕ, සිවරංජනී ක්‍රිෂ්ණමූර්ති සහ මංජරි ආශ්චර්යා යන ක්‍රීඩිකාවන් තිදෙනාද මෙසේ තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා පිහිනා නව ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment