ඉන්දියාවේ 84 හැවිරිදි තැපැල් සේවකයා කොරෝනා එන්නත් මාත‍්‍රා 12ක් විද ගෙන

454

තම ශරීර සෞඛ්‍ය නිරෝගීව පවත්වා ගැනීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ වැසියකු විසින් කොරෝනා එන්නත් මාත‍්‍රා 12ක් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව එම ප‍්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් විමර්ශනයක් අරඹා තිබේ. බිහාර් ප‍්‍රාන්තයේ ‘මධේපුර’ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 84 හැවිරිදි වියෙහි පසුවන බ‍්‍රහ්මඩියෝ මැන්ඩල් නම් මෙම තැනැත්තා තමන් විසින් කොරෝනා එන්නත් මාත‍්‍රාවක් ලබාගත් සෑම අවස්ථාවකදීම තම ශරීර සෞඛ්‍ය හොඳ මට්ටමක පවතින බව හැඟී ගිය බව මාධ්‍යයට පවසා තිබේ. කෙසේ වුවද එන්නත් මාත‍්‍රා 12ක් විදගත් බව පැවසුවද ඒ බව තහවුරු කිරීම සඳහා මැන්ඩල් සතුව පරිගණකගත කරන ලද එන්නත් සහතික පත‍්‍රයක් නොමැති බව හෙළි වී තිබේ.

බිහාර් ප‍්‍රාන්තයේ ‘උදාකිෂන්ගන්ජ්’’ ගම්මානයේ වාසය කරන විශ‍්‍රාමික තැපැල් දෙපාර්තමේන්තු සේවකයකු වන මැන්ඩල්ට අනුව තමන් විසින් 12 වැනි කොරෝනා එන්නත් මාත‍්‍රාව ලබා ගත්තේ නොබෝදා වන අතර එම කොරෝනා එන්නත් මාත‍්‍රාවන්

ගැනීමෙන් තමා කිසිවිටෙක රෝගාතුර නොවූ බවත් දිගු කලක සිට පවතින කොන්දේ අමාරුව ඉන් සුව වූ බව මැන්ඩල් සඳහන් කර තිබේ. මේ අතර පවතින නීති රීති යටතේ එක් පුද්ගලයකුට ලබාගත හැක්කේ කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකක් පමණක් බව පවසන බිහාර් ප‍්‍රාන්තයේ ‘මධේපුර’ ප‍්‍රදේශයේ සිවිල් ශල්‍ය වෛද්‍යවරයකු වන අමරේන්ද්‍ර ප‍්‍රතාප් ෂාහි අදාළ තැනැත්තා සැබවින්ම කොරෝනා එන්නත් මාත‍්‍රා 12ක් විදගෙන ඇති නම් එම මාත‍්‍රාවන් ඔහුට එන්නත් කළ නිලධාරීන්ට මෙන්ම එන්නත් මාත‍්‍රාවන් දැන දැනම විදගත් බිහාර් ප‍්‍රාන්ත වැසියාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment