ඉන්දියාව ඇෆ්ගනිස්තානයේ යළි තානාපති කාර්යාලය විවෘත කිරීමට සැරසේ

183


අෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනයත් සමග වසා දැමූ එරට ඉන්දීය තානාපති කාර්යාලය යළි කඩිනමින් විවෘත කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුවී ඇත.රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයක් නොමැතිව එය යළි විවෘතකිරීමටද තීරණය කර ඇත.මේ සඳහා පවතින ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට ඉන්දීය ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා කාබූල් නුවර බලා පිටත්ව ගොස් තිබුණි.ඇෆ්ගනිස්තානයේ වෙසෙන ඉන්දීය ජාතිකයින්ගේ මානුෂීය අධාරවලට අදාල කටයුතු අධීක්ෂණය කිරීම ඇතුළු සේවාවන් අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා මෙලෙස තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට බලාපොරොත්තුවේ.මේ වන විට යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසක් ඇෆ්ගනිස්තානයේ සිය තානාපති කාර්යාල යළි විවෘතකර ඇත.තලෙයිබාන්වරු ඇෆ්ගනිස්තානය අත්පත්කර ගැනීමෙන් පසු දපාකිස්තානය,චීනය,රුසියාව සහ ඉරානය තම දූත මණ්ඩල කාර්යාල වසා දැමුවේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment