ඉන්දියාව එංගලන්තය පරදා ටෙස්ට් ජයක් ලබයි

153


ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 106කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දියාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 399ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා අද ලකුණු 292කට දැවී යාමත් සමග ඉන්දියාව මෙම ජයග්‍රහණය ලබා ගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 396ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 253ක් රැස්කළේය.

ඉන්දියාව සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 255ක් රැස්කරමින් සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 399ක් ඉලක්කයක් ලබාදුනි. එහෙත් එංගලන්ත පිළට සියල්ල දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 292ක් පමණි.

තරග 5කින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment