ඉන්දියාව එ.ජා.ආරක්ෂක මණ්ඩල සභාපති ධුරයේ වැඩ අරඹයි

218

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය හිමිවූ ඉන්දියාව දෙසැම්බර් මස 01වැනිදා සිට එම ධුරයේ වැඩ ආරම්භ කර ඇත.ඒ අනුව මෙම මස 14 වැනිදා ඉහළ මට්ටමේ විවෘත විවාදයක් පැවැත්වීමට නියමිතය.ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සහ බහුවිධ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් මෙම විවාදය පැවැත්වේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉන්දීය සභාපතිත්වය යටතේ සිරියාවේ හා යේමනයේ ගැටුම්වලට හේතුව සොයා බැලීමට කටයුතු කරන බවට. එසේම මැද පෙරදිග පවතින ගැටුම් ලිබියාව, දකුණු සුඩානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් පවතින ගැටුම් සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ අවධානය යොමු කරන බව ද සදහන් කරයි.ඒ සදහා එක්සත් ජාතීන්ගේ සහාය දක්වන බව ද පවසයි. ඉන්දියාවට මෙම සභාපතිත්වය වසර දෙකක් තුළ ලැබුණු දෙවැනි අවස්ථාවය.

advertistmentadvertistment
advertistmentadvertistment