ඉන්දියාව ඩුබායිහි කොරල් එනර්ජි තෙල් ලබා නොගැනීම

772

ශ්‍රී ලංකාව තෙල් මිලට ගන්නේ ඩුබායිහි කොරල් එනර්ජි සමාගමෙන් බව මෙතෙක් මෙරට ජනතාව දන්නේ නැත. යුක්රේන ගැටුම නිසා රුසියාවට බොරතෙල් විකුණා ගැනීමට නොහැකි වූ අතර ඉන්දියාව චීනය සහ ශ්‍රී ලංකාවට සහන මිල යටතේ තෙල් ලබාදීමට රුසියාව ඉදිරිපත් විය. ඒ සමගම ඉන්දීය අයි. ඕ. සී., භාරත් පෙට්‍රෝලියම්, හින්දුස්තාන් පෙට්‍රෝලියම් සහ රිලයන්ස් වැනි සමාගම් රුසියාවෙන් බොරතෙල් බැරල් මිලියන ගණනක් ලබා ගත්තේය. එහෙත් ශ්‍රී ලංකාවේ පාලකයෝ රුසියාවෙන් ලාබෙට තෙල් ලබා ගත්තේ නැත. අඩු වශයෙන් බලශක්ති ඇමැතිවරයා ඒ ගැන උනන්දු වූයේ නැත. මේ පසුබිම මැද කසාන් තෙල් සමාගමේ ප්‍රධානියා මෙරටට හදිසි ලිපියක් ඒවා ඔබලාට අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, ගුවන්යානා ඉන්ධන සහ භූමිතෙල් කොපමණ අවශ්‍ය දැයි දක්වන ලෙස කියා සිටියේය. එහෙත් රජය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

මේ තත්ත්වය මැද බලශක්ති ඇමැතිවරයා රුසියාව අපට තෙල් දෙන්නේ නැතැයි විද්‍යුත් නාලිකා අමතා කියා සිටියේය.

රුසියාව කිසි දිනෙක ශ්‍රී ලංකාවට තෙල් දෙන්නේ නැතැයි පවසා නැත. ඒ වනවිට බලශක්ති ඇමැතිවරයා රුසියානු තානාපති හවු නොවී ලිපියක් යවමින් තෙල් ගැන විමසා ඇත. මෙලෙස රුසියාව තෙල් නොදෙන බව කළ ප්‍රකාශය බොරුවක් බව අප හෙළි කළෙමු. එයට ප්‍රතිචාර දැක්වූ කංචන විජේසේකර නමැත්තා ටුවිටර් ප්‍රකාශයක් කරමින් ‘දිවයින’ට එරෙහිව පියවර ගන්නා ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ රහස් පොලිසියට පැවසූ බව පළ කළේය.

එහෙත් ඔහුට හා රහස් පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද?

කංචන විජේසේකර රුසියානු තානාපති හමුවූයේ නැත.

එසේම රුසියානු තානාපති ශ්‍රී ලංකාවට තෙල් නොදෙන බව ලිපිය කින් හෝ වාචික ප්‍රකාශයක් කිසි දිනෙක කර නැත.

එසේ නම් රහස් පොලිසියට පැමිණිලි කළේ අප බිය ගැන්වීමට ද? පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පුවත් සම්බන්ධව අපි රහස් පොලිසියට කට උත්තර දී ඇත.

රහස් පොලිසියේ රහසිගත බී වාර්තා ජිනීවා මානවහිමිකම් කොමසාරිස් වෙත ගිය අයුරු ද අපි හෙළි කළෙමු. මේ තත්ත්වය මත රුසියානු බොරතෙල් ලබා ගන්නා ලෙස අප පැවසුවේ ජනතාව පෝලිම්වල විඳින වේදනාව දැක ගැනීමට හැකි වීමෙනි. අපි ද එවන් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පෑ වෙමු.

එහෙත් දැන් රුසියානු තෙල් අපට ලැබෙන්නේ ඩුබායිහි කොරල් එනර්ජි සමාගම හරහායි. කොරල් එනර්ජි රුසියානු තෙල් ලබාගෙන ශ්‍රී ලංකාවට ලබාදෙයි. එය දෙවැනි පාර්ශ්වයක ක්‍රමවේදයකි.

එහෙත් ඉන්දීය තෙල් සමාගම කොරල් එනර්ජි වෙතින් තෙල් මිලට ගත්තේ නැත. එවැනි විටෙක රුසියාවෙන් ඍජුව තෙල් ලබාගැනීමේ හැකියාව තිබියදී කොරල් එනර්ජි ඩුබායි සමාගමෙන් රුසියානු තෙල් ලබාගත්තේ කාගේ උවමනාවකට ද?

රහස් පොලිසිය සෙවිය යුත්තේ මෙවැනි තොරතුරුය.

ජනපති ගෝඨාභය රුසියානු ජනපති පුටින්ට හෝ විදේශ ඇමැති ලැව්රෝ අමතා කතා කළේ නම් ඍජුව තෙල් ලබාගත හැකිය. මෙරට තෙල්වලට රූබල්වලින් ගෙවීම් කරන්නේ නම් එම ක්‍රමවේදයම අනුගමනය කළ හැක. එහෙත් අද වනතුරු එවැන්නක් සිදු නොවේ.

වන්නි මෙහෙයුම සමයේ රුසියානු ජනපති අමතා අවි ආයුධ ලබා ගත්තා නම් තෙල් ලබාගැනීමට රුසියාවනු ජනපති ඇමතිමට ක්‍රියා නොකරන්නේ මන්ද?

කංචන විජේසේකර මෙරට ඇමරිකානු තානාපතිනිය වූ ජුලිචුන් සමග සාකච්ඡා කළේ තෙල් ලබාගැනීමට බව වාර්තා විය.

එහෙත් ඇමරිකාව මෙරටට තෙල් ලබාදීමට ඉදිරිපත් වේද?

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළවිට ජුලිචුන් ඇතුළු බටහිර තානාපතිවරු ශ්‍රී ලංකා රජයට බලකරමින් එම ආක්‍රමණය හෙළා දකින ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලීමක් කළත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඊට එකඟ වූයේ නැත. ඉන්දියාවේ සිටින බටහිර තානාපතිවරු එවන් ඉල්ලීමක් ඉන්දියාවෙන් කිරීමට ද බිය විය.

මේ පසුබිම මැද රුසියාව තෙල් ලබාදීමට කැමැත්ත පළ කර තිබියදී ඇමරිකාවෙන් තෙල් ඉල්ලන්නේ කුමකටද?

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වසර 50කට අධික කාලයක් මිත්‍රත්වයක් ඇතත් රුසියාවෙන් තෙල් ලබා නොගෙන ඩුබායි කොරල් එනර්ජි සමාගමෙන් රුසියානු තෙල් ලබාගැනීම විහිළුවක් නොවේ ද?

ශ්‍රී ලංකාව රුසියාවට තේ අපනයනය කරන්නේ ඩුබායි සමාගමක් හරහා නොවේ.

එසේ නම් කොරල් එනර්ජි කාගෙත් හිතවත් සමාගමක් ද?

ඇමරිකාව කිසිදිනෙක ශ්‍රී ලංකාවට තෙල් ලබා දී නැත.

කංචන විජේසේකර මෙරට අතීතය ගැනවත් නොදනී.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා මෙරට තෙල් වෙළෙඳාම ජනසතු කළේය. එම අවස්ථාවේ සෝවියට් දේශය ශ්‍රී ලංකාවට තෙල් සපයනු ලැබීය.

මේ පසුබිම මැද ඉන්දීය පුද්ගලික සමාගම් දෙකක් වූ රිලයන්ස් සහ නායාරා ලාභදායි රුසියානු තෙල්වලින් අධික ලාභයක් ලබන බව වාර්තාවී ඇත. මෙම සමාගම් පසුගිය කාලයේ රුසියාවෙන් තෙල් බැරල් මිලියන 62.5ක් ලබාගෙන තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඛේදනීය වේ. ඒ චීන වරාය තෙල් ටැංකි ඉන්දීය අයි. ඕ. සී. සමාගම යටතේ ක්‍රියාත්ම වීමයි.

ඉන්දියාව විසින් රුසියානු තෙල් මිලට ගෙන අපට විකුණයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment