ඉන්දියාව තිරිඟු පිටි අපනයනය තහනම් කරයි

573

අඩු නිෂ්පාදනය මත ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු කිරීමට අසීරු වීම හේතුවෙන් ඉන්දියාව තිරිඟු පිටි අපනයනය කිරීම තහනම් කර තිබේ. ඉන්දියාව විසින් තිරිඟු පිටි අපනයනය තහනම් කරන බවට නිවේදනය කිරීමත් සමගම ලෝක වෙළඳපළේ තිරිඟු පිටි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

අදාළ තහනම පිළිබඳව නිවේදනය කිරීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ තිරිඟු දර්ශකය සියයට 5.9කින් ඉහළ ගොස් ඇති අතර එය මාස දෙකක කාලයක් තුළ එම දර්ශකය මෙතරම් ප්‍රතිශතයකින් ඉහළ ගිය ප්‍රථම අවස්ථාව සේ සැලකේ.

උතුරු ඉන්දියාවේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තිරිඟු අස්වැන්න විනාශ වී යෑමත් යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑමත් නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබීමෙන් රට තුළ තිරිඟු පිටි මිල වාර්තාගත අයුරින් මේ වන විට ඉහළ ගොස් තිබේ. දේශීය තිරිඟු පිටි මිල ඉහළ යෑමත් සමගම ඉන්දියාවේ පාන්, කේක්, පේස්ටි ඇතුළු බේකරි නිෂ්පාදන සෑම එකකම පාහේ මිල ගණන් ඉහළ ගොස් ඇත. තිරිඟු පිටි අපනයනය තහනම් කළද ආහාර හිඟයකට මුහුණ පා ඇති රටවලට හා දැනටමත් තිරිඟු පිටි සැපයීමට අදාළ ලේඛන සපයා ඇති රටවලට තිරිඟු පිටි අපනයනය කිරීම සිදු කරන බව ඉන්දීය බලධාරීහු පවසති.
 

advertistmentadvertistment
advertistmentadvertistment