ඉන්දියාව දෙවැනි ඉනිමේදී ලකුණු 354ක් පිටුපසින්

181

ඉන්දියාවට එරෙහිව අඛණ්ඩව තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ එංගලන්ත නායක ජෝ රූට් ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී සංචාරක ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 354 ක් ඉදිරියෙන් සිටීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. එ් අනුව ඊයේ දිවා භෝජනය සඳහා තරගය නතර කරන විටදී සිය දෙවැනි ඉනිම කී‍්‍රඩා කරන ඉන්දීය කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 18ක් ලබා සිටියේය.

 එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් රැුස් කළ ලකුණු 121 මෙම වසරේදී ඔහු රැුස් කළ හයවන ටෙස්ට් ශතකය වේ. මේ වන විට මෙම වසර තුළදී ටෙස්ට් ලකුණු 1398 ක් රැුස් කර ඇති ජෝ රූට් එංගලන්තය වෙනුවෙන් වසරක් තුළ වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවන් අතර 4වෙනි ස්ථානයේ පසුවේ.

 එංගලන්තය වෙනුවෙන් ඬේවිඞ් මාලන් ලකුණු 70 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු යුගලය ද අර්ධ ශතක වාර්තා කළහ. පන්දු යැවීමේදී මොහොමඞ් ශාමි කඩුලූ තුනක්ද , මොහොමඞ් සිරාජ් සහ ජස්ප‍්‍රිට් බුම්රාහ් කඩුලූ දෙක බැගින් දවා ගත්හ. අද (28 වැනිදා) තරගයේ 4 වැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment