ඉන්දියාව නේපාලය සමඟ සබඳතා තරකර ගනී

194

ඉන්දියාව ඓතිහාසික, සංස්කෘතික හා අධ්‍යාත්මික උරුමයන් ඇති රටවල් සමඟ සමීප සබඳතා තහවුරු කරගැනීම යටතේ නේපාලය සමඟ සමීප සබඳතා ඇතිකර ගැනීමට පියවර ගෙන ඇත.

 ඒ අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා නේපාලයේ අගමැති බහදුර් දෙව්බා මහතාගේ ආරාධනයෙන් නේපාලයේ සංචාරයක නිරත විය. 2014 වසරේදී අගමැති ධුරයට පත්වීමෙන් පසු නේපාලයේ නිල සංචාරයක යෙදුනු පස්වැනි වතාව වූ අතර එය මෙවර වෙසක් පොහොය තේමා කරගෙන සිදුවීමද විශේෂත්වයකි. බුදුන් වහන්සේ උපන් ලුම්බිණියේ බෞද්ධ සංස්කෘතික උරුමයන් පිළිබඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා දෙරට අගමැතිවරුන් මුල්ගල් තැබීමටද එක්වූහ. ඉන්දීය අගමැතිවරයාගේ නේපාල සංචාරය සමඟ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයන්ද ශක්තිමත් කරගැනීම සඳහා පියවරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

 බුදුන් වහන්සේ උපන් ස්ථානය වන ලුම්බිණිය නේපාලයේ පිහිටීම සහ බුදුවූ ස්ථාන ඉන්දියාවේ පිහිටීම තුළ දෙරට අතර ඓතිහාසික බැඳීමක් පවතින බවද එම නොබිඳුණු සබඳතාවය තවදුරටත් ශක්තිමත් කර ගතයුතු යැයිද ඉන්දීය අගමැතිවරයා සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment