ඉන්දියාව පසෙකලා චීනයට ළංවීමෙන් අපටත් දවසක යුක්රේනයට වූ දේම සිදුවේවි – සජබ මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන

180

අද වනවිට විශාලා මහනුවරක් වගේ අවුල් වෙච්ච පඹ ගාලක පැටලී තියෙන රටක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද කියා සිටියේය.

මේ දිනවල අපිට හොඳ පාඩමක් උගන්වනවා යුක්රේනය සහ රුසියාව. මේ වන විට දැවැන්ත යුද්ධයකට වැඩ කටයුතු සකස් වෙලා. විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක ශ‍්‍රී ලංකාවේ අපිට විශාල අත්දැකීමක් සහ විශාල පාඩුවක්. යුක්රේනයේ ආසන්නතම බලවතා තමයි රුසියාව. යුක්රේනය රුසියාවේ මතවාදයන් ගණන් නොගෙන දුර ඈත පාර්ශ්වයක් සමඟ ගනුදෙනු කරන්නට යෑමෙන් තමයි අර්බුදය හටගන්නේ. එතකොට අපේ රටත් එහෙමයි. අපේ රටේ අසල්වැසි ඉන්දියාව නොසලකා දුර ඈත තියෙන චීනය එක්ක ගනුදෙනු කරන් යෑමෙන් අපිට සමහර වෙලාට අනාගතයේ විශාල අර්බුදවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. චීනය කිව්වොත් පෝර්ට් සිටිය ඇතුළු ඒ කලාපය වෙනම කලාපයක් හැටියට නම් කරනවා කියලා හම්බන්තොට ප‍්‍රදේශයේ වෙනම නම් කරනවා කිව්වොත් චීනය අත්පත් කරගෙන ඉන්න යම් යම් තැන් වෙනම කලාප හැටියට නම් කරනවා කිව්වොත් සමහර වෙලාවට අසල්වාසී රටවල් තුළින් අපිටත් මේ ලැබෙන අත්දැකීම ලැබෙන්න පුළුවන්. ඉන්දියාව කිව්වොත් ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ටික අපේ කලාපය කියලා චීන කිව්වොත් පෝට් සිටිය අපේ කලාපය කියලා ඒ වගේම බරපතළ අර්බුදයකට අපටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ඉවක් බවක් නැතුව අසීමාන්තිකව විදේශ රටවල් එක්ක රාජ්‍යතාන්ත‍්‍රික භාවයකින් තොරව ගනුදෙනු කරන්නට යෑමෙන් යුක්රේනය සහ රුසියාව අතර ගැටුම අපට විශාල අත්දැකීමක් වෙනවා.

අපේ ගුරු ක්ෂත‍්‍රයේ විශ‍්‍රාමිකයන්ටත් අසාධාරණයක් වෙනවා. ඔවුන් විශ‍්‍රාම යන කොට ඔවුන් හිටියේ පරණ හිටපු වැටුප් තලයම තමයි. ඔවුන්ගේ

විශ‍්‍රාමයට අලූතෙන් එකතුවක් කරන්න තියෙන දීමනා එකතු කරන්නේ නැහැ. එම නිසා ගුරු සේවයේ ඉන්න විශ‍්‍රාමිකයන්ට විතරක් නෙමෙයි සමස්ත රාජ්‍ය සේවයේම ඉන්න විශ‍්‍රාමිකයන්ට බරපතළ අසාධාරණයක් වුණා. අපි සමගි ජන බලවේගය හැටියට සමගි අධ්‍යාපන සේවක සංගමය සභාපතිවරයා හැටියට මේ රටේ ඉන්න විශ‍්‍රාමික ගුරු මහත්ම මහත්මීන්ට කියනවා ඔබ කිසිම සංවිධානයකට හෝ ආයතනයකට මුදල් දෙන්න අවශ්‍ය නැහැ. නඩු ගාස්තු දෙන්න අවශ්‍ය නැහැ. අපි සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මූලිකත්වය අරගෙන අපේ ඉන්න නීතිඥයින්ගේ

සැදුම්ලත් මණ්ඩලයක් තුළට ඔබගේ ප‍්‍රශ්නයක් ගොනු කරලා අපි පක්ෂයක් හැටියට සමගි ජන බලවේගය හරහා අධ්‍යාපන සංගමය හරහා විශ‍්‍රාමික ගුරු මහත්ම මහත්මීන්ගේ ඒ වැටුප් ප‍්‍රශ්නය වෙනුවෙන් අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යන්න සූදානම්.

අද පවතින අර්බුදයට සමගි ජන බලවේගය වගකිව යුතුයි කියලා ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා මහතා චෝදනා කරනවා.

ඒ මොකටද සමගි ජන බලවේගය වගකියන්නේ.

සමගි ජන බලවේගය ගොඩනැගුණේ මීට අවුරුදු දෙකකට ඉස්සරවෙලා. මේ ආණ්ඩුවට සමගාමීව තමයි සමගි ජන බලවේගය පක්ෂය ගොඩ නැගුණේ. එතකොට කොහොමද ටිල්වින් සිල්වා කියන්නේ මේ තත්ත්වයට සමගි ජන බලවේගය වගකියන්න ඕන කියලා. සමගි ජන බලවේගය ආණ්ඩුවක් කරල නැහැ. ආණ්ඩුවක් කරපු නායකයෙක් සමගි ජන බලවේගයේ නැහැ. එහි නායකයා කැබිනට් ඇමතිවරයෙක් විතරයි. කැබිනට් ඇමැතිවරයෙකු වූ පලියට ඔහු ඒකට වගකීම භාර ගන්න ඕන නම් අනුර කුමාර දිසානායකත් වගකියන්න ඕන. එතුමා ඇමැතිවරයෙක් විදිහට හිටියා. එතකොට කොහොමද ටිල්වින් සිල්වා කියන්නේ සමගි ජන බලවේගය වගකිව යුතුයි කියලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment