ඉන්දියාව පොදු රාජ්‍ය මණ්ඩලීය හොකී තරගාවලියෙන් ඉවත් වෙයි

211

ලබන වසරේ එංගලන්තයේ බර්මින්හැංග්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ හොකී තරගාවලියට සහභාගි නොවීමට ඉන්දියාව තීරණය කර ඇත.

ඉන්දියාවේ බුවනේෂ්වරහිදී ලබන නොවැම්බර් මස 24 වැනිදා පැවැත්වෙන ලෝක කනිෂ්ඨ හොකී පිරිමි තරගාවලියට ද එංගලන්තය සහභාගි නොවන බව ප‍්‍රකාශ කර ඇත.

එක්සත් රාජධානියේ සංචාරකයන්ට පනවා ඇති නිරෝධායන නීති මත ඉන්දියාව මෙම තීරණයට එළැඹ තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලීය හොකී තරගාවලිය ලබන වසරේ ජූලි 28 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව, ලෝක හොකී ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයේ රැුඳී සිටින ලොව ප‍්‍රබල කණ්ඩායමකි.

advertistmentadvertistment
advertistmentadvertistment