ඉන්දියාව යළිත් යොවුන් ආධිපත්‍යය පතුරවයි: ශී‍්‍ර ලංකාවට අනුශූරතාවය

269

ආසියානු යොවුන් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශී‍්‍ර ලංකාව කඩුලූ 09 කින් පරාජය කරමින් 08 වැනි වරටත් එම ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ඉන්දීය යොවුන් කී‍්‍රඩකයෝ ඊයේ (31 වැනිදා) සමත් වූහ.

ආසියානු යොවුන් කි‍්‍රකට් තරගාවලියේ 9 වැනි අදියර ඊයේ (31 වැනිදා) එලෙස නිමා වූ අතර ඉන්දියාව මෙම තරගාවලියේ හැම අවසන් තරගයකටම සහභාගි වී අපරාජිතව ඇති අතර 2012 වසරේදී සම ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට සමත් වී ඇත.

වර්ෂාවෙන් බාධා වූ මෙම තරගයේදී ශී‍්‍ර ලංකාව පන්දුවාර 38 කදී කඩුලූ 9 ක් දැවී රැුස්කළ ලකුණු 106 ඉලක්කය වෙනුවට ඉන්දියාවට පන්දු වාර 38 කදී ඩක්වරත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 99 ක ඉලක්කයක් හඹා යෑමට නියම විණි. ඒ අනුව ඉන්දියාව පන්දුවාර 21.3 කදී කඩුලූ 09 ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී 33 වැනි පන්දුවාරය වනවිට වර්ෂාව ඇද හැළීම හේතුවෙන් පැය 2 කට ආසන්න කාලයක් අපතේ ගිය අතර ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 38 කට සීමා කෙරිණි.

කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළද ඩුබායි ක‍්‍රීඩාංගණයේදී ඊයේ (31 වැනිදා) ඔවුන් ලද ආරම්භය සාර්ථක නොවිණ.

පළමු පන්දුවාර 10 නිමාවන විට ශ‍්‍රී ලංකාව රැුස්කර තිබුණේ ලකුණු 15 ක් පමණ වූ අතර ඒ වන විටත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ආපසු ක‍්‍රීඩාංගණය වෙත ගොස් තිබුණි. ශ‍්‍රී ලංකා ඉනිමේ ලකුණු 50 වාර්තා වන විටත් පිතිකරුවන් 5 දෙනකු පමණ දැවී ගොස් තිබූ අතර ලකුණු 57ක් වනවිට පිතිකරුවෝ 7 දෙනෙක් දැවී ගියහ.

පෙරේදා (30 වැනිදා) පකිස්ථානයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ අංක 09 පිතිකරු යසිරි රොද්‍රිගූය. පන්දු 26 ක් තුළදී හතරේ පහර 2 ක් සමඟ නොදැවී ලකුණු 19 ක් ලබා ගත් යසිරු 8 වෙනි කඩුල්ල වෙනුවෙන් රවින්ද සිල්වා සමඟ ලකුණු 25 ක සම්බන්ධතාවයක්ද, මතීෂ පතිරණ සමග 9 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 24 ක සම්බන්ධතාවයක්ද පැවැත්වූහ.

පකිස්ථානය සමඟ පැවැති අවසන් පූර්ව තරගයේ මෙන්ම ප‍්‍රධාන පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවි ගිය අතර යසිරුට පසුව වැඩිම ලකුණු ලාභියා වූයේ අංක 08 පිතිකරු රවීන්ද සිල්වාය. ඔහු ලකුණු 15 කට දුවද්දී දැවී ගිය අතර අංක 10 පිතිකරු මතිෂ පතිරණ ඉනිමේ අවසන් පන්දුවට දැවී යන විට පන්දු 14 කදි ලකුණු 14 ක් ලබා තිබුණි.

ඉලක්කම් දෙකේ සීමාව පසුකළ අනෙක් පිතිකරුවා වූයේ මැද පෙළ පිතිකරු සධීෂ රාජපක්ෂය. ඔහුද ලකුණු 14 ක් ලබාගත් අතර ශ‍්‍රීලංකා ඉනිමට තර්ජනයක් එල්ල කළ විකී ඩස්ට්වාල් කඩුලූ 3 ක් දවා ගත්තේය. කෞෂාල් වම්බෙ කඩුලූ 2 ක්ද, රවී කුමාර, රාජ් බාවා සහ රජ්වර්ධන් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment