ඉන්දියාව යුරෝපයට සමීපවේ

280


ඉන්දියාව යුරෝපය සමග වෙළෙඳ හා තාක්ෂණික වශයෙන් සබඳතාවය ශක්තිමත් කරගැනීමට පියවර ගෙන තිබේ.ඒ සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ යුරෝපා සංචාරය වඩාත් ඉවහල්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.රුසියාව යුක්රේනය ආක්‍රමනය කිරීම සම්බන්ධව ඉන්දියාව සහ යුරෝපා රටවල් ප්‍රතිවිරුද්ධ මත කරයි.නමුත් ආර්ථික සබඳතා ගොඩනගාගැනීම සම්බන්ධව දෙපාර්ශවය සමීප සබඳතා ගොඩනගා ගැනීමට අවධානය යොමුකර ඇත.ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මහතා ලබන මස පැවැත්වෙන ජී-7 සමුළුවට සහභාගීවන ලෙස ඉන්දියාවට ආරාධනා කර තිබේ.යුරෝපයට බලශක්තිය සඳහා රුසියාව මත යැපීමට සිදුව ඇත.ආර්ථික සබඳතා සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සමග යැපීමට වඩා බැඳීම් අනිසි ලෙස භාවිතා නොකරන හවුල්කරුවන් දිරිමත්කරගැනීමට සහ හඳුනාගැනීමට යුරෝපය මේවන විට අවධානය යොමුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment