ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ගැනීම දෙගුණයකින් නංවයි  

410

ශ්‍රී ලංකාව වැඩි මිලකට ඩුබායි රාජ්‍යයෙන් බොරතෙල් මිලට ගනිද්දී ඉන්දියාව විසින් රුසියාවෙන් අඩු මිලට බොරතෙල් මිලට ගැනීම දෙගුණයකින් වැඩි කර ඇත.

ඉන්දීය මාධ්‍ය හෙළි කළේ මේ මාසය තුළ බොරතෙල් බැරල් මිලියන 11ක් ලබාගැනීමට ඉන්දියාව කටයුතු කර ඇති බවයි. ඒ සඳහා බටහිර රටවල් කිසිදු තහනමක් පනවා නැත. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ ඩොලර් 35ක් අඩුවෙන් රුසියාව විසින් ඉන්දියාවට බොරතෙල් අලෙවි කරන බවයි.

ඉන්දියාවේ රිලසන්ස් නමැති ලොව විශාලත ම තෙල් පිරිපහදුවටද රුසියාවෙන් තෙල් මිලට ගන්නා බව හෙළි වී ඇත.

ශ්‍රී ලංකාවට ඩීසල් අලෙවි කරන ඉන්දීය අයිඕසී සමාගම ද රුසියාවෙන් තෙල් මිලට ගනියි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment