ඉන්දියාව ලකුණු 209 ක් පිටුපසින්

160

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තෙවන දිනය වූ ඊයේ (09 වැනිදා) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් අතැතිව ඔස්ටේ්‍රලියා පළමු ඉනිමට වඩා ලකුණු 209 ක් පසුපසින් සිටියේය.

පළමුව පන්දුවට පහර දුන් ඔස්ටේ්‍රලියා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 469 ක් ලබා ගත් අතර ඉන්දියාව දිවා විවේකය වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 260 ක් රැස්කරගෙන සිටියේය.

ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි අජින්කෙයා රහනේ ලකුණු 89 ක් සහ ශර්දුල් තාකූර් ලකුණු 36 ක් ලබා ගෙන සිටියහ. ඔවුන් දෙදෙනා අතර ඒ වන විට ගොඩනැගුණු තිබුණු සම්බන්ධතාවය ලකුණු 108කි.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට හරඹයක නිරත වූ ට්‍රැවිස් හෙඩ් ලකුණු 163 ක් ලබාගත් අතර සුපිරි ක්‍රීඩක ස්ටීවන් ස්මිත් ලකුණු 121 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment