ඉන්දියාව ලොවටම ආහාර සැපයීමේ සූදානමක

990

යුක්රේනයේ පවතින යුද්ධය හේතුවෙන් ගෝලීය වශයෙන් ආහාර සැපයුම අඩු වී ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගියහොත් ඉන්දියාව මුළු ලෝකයටම අවශ්‍ය ආහාර තොග සැපයීමට සූදානමින් සිටින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට ඉකුත් සතියේ දැනුම් දී තිබේ.

ලොව දෙවැනි විශාලතම සහල් හා තිරිඟු පිටි නිෂ්පාදකයා වන ඉන්දියාව සතුව අප්‍රේල් මස මුල් භාගය වන විට සහල් හා තිරිඟු ටොන් මිලියන 74ක් පැවතියද මේ වන විට තත්ත්වය වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අගමැති මෝදි විසින් ඇමරිකානු ජනාධිපති බයිඩන් හට පවසා තිබූ ආකාරයට ලොවටම අවශ්‍ය ආහාර ප්‍රමාණය සැපයීමට ඉන්දියාවට නොහැකි වී ඇත්තේ මෙවර වාර්තාගත ආහාර අස්වැන්නක් නොලැබීම හා එරට මුහුණ පා සිටින පොහොර හිඟය බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment