ඉන්දියාව වගේ 15 ගුණයකින් නරක තැනක අපි ඉන්නේ… රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුව්දී කියයි

253

මේ පනත ගැන අපි එතරම් විරෝධයක් නෑ. අද කොරෝනා වසංගතයේ ඇත්ත තත්ත්වය ගත්තොත්, මුළු ලෝකයෙන්ම කියූ සංඝණනයට අනුව කොවිඞ් මරණ දෛනික අනුපාතය ගත්තොත් ලංකාව ඉන්නේ දෙවැනි ස්ථානයේ. සතිපතා ගත්තොත් ලංකාව නරකම හතරවෙනි අවස්ථාවේ ඉන්නෙ. මරණ වැඩිවීම මිලියනයකට ගත්තොත් ලංකාව ඉන්නේ නරකම තැනයි.

අපි ඉන්දියාව වගේ 15 ගුණයක් නරක තැනකයි ඉන්නේ. ඒ නිසා මේ ලබාදෙන සංඛ්‍යාලේඛන ගැන ගැටලූවක් තිබෙනවා. රජය ඉදිරිපත් කරන දත්තයි, ඇත්ත දත්ත අතර විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා. දැන් ආණ්ඩුව කියන ඒවා නොවෙයි පළාත් සෞඛ්‍ය අංශ කියන්නේ. නැගෙනහිර පළාතේ සෞඛ්‍ය අංශ මේ ගැන කියනවා. එහෙනම් කවුද මේ දත්ත වෙනස් කරන්නේ. දැන් ජී. එම්. ඕ. එකෙනුත් මේ ගැන කිව්වා. මරණ සංඛ්‍යාව ආසාදිත සංඛ්‍යාව වෙනස් කරනවා. ඒක කරන්නේ හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්. ඉදිරියේදී මේක හෙළිවෙයි.

දැන් මාහාචාර්ය වෛi අගම්පොඩි මහත්තයා කියනවා මේ මරණ සංඛ්‍යාව වැඩියි, ඒ වගේම මේවා මනුෂ්‍ය ඝාතන කියලා. මොකද දැඩිව සංචරණ සීමා පැනවීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නැති නිසා මරණ ප‍්‍රමාණය ඉහළ යනවා. ව්‍යාජ තොරතුරු නැතුව ඇත්ත තොරතුරු ලබාදෙනවා නම් අපට මේ වසංගතයෙන් බේරීමට මීට වඩා ලේසි වෙනවා. මේ අය ගන්න තීන්දු අනුව වෛi සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය කියනවා ඇයත් අසරණයිලූ. එහෙනම් තත්ත්වය තේරුම් ගන්න පුළුවන්නේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment