ඉන්දියාව විදුලි වාහන භාවිතය වැඩිකරයි

351

ඉදිරි වසර දෙක ඇතුළත ඉන්දියාව විදුලි වාහන භාවිතය කෝටි 03ක් දක්වා වැඩි කරන බව එරට මධ්‍යම රජයේ ප්‍රවාහන ඇමැති නිතින් ගද්කාරී මහතා පවසයි.මේ වන විට රට තුළ විදුලි වාහන ලක්ෂ 12ක් පමණ ජනතාව භාවිතා කරන බවත් මෙම වසර අවසාන වන විට එය ලක්ෂ 40ක් දක්වා වර්ධනය කරන බවත් සඳහන් කරයි.විදුලි ස්කූටර් භාවිතයද වැඩිකරන බව සඳහන් කරන ඇමැතිවරයා මේ වන විට එම ස්කූටර් සඳහා විශාල ඉල්ලුමක් ඇතැයිද පවසයි.නව තාක්ෂණය භාවිතය සඳහා ඉන්දියාව යොමුවන අතර තරුණයින්ගේ නව නිපැයුම් සඳහා වැඩි අවස්ථාවක් ලබාදෙන බවද පවසයි.මෙමගින් වාහන සඳහා අධික ලෙස ඉන්ධන භාවිතයද සීමාවන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment