ඉන්දියාව විශාලතම යෝගා මධ්‍යස්ථානයක් ඉදිකරයි

216


ඉන්දියාවේ විශාලතම යෝග මධ්‍යස්ථානය ජම්මු සහ කාශ්මීරයේ උදම්පූර් හි චෙනානි තෙහෙසිලයේ මන්තලෙයි ගම්මානයේ ඉදිකිරීම් ආරම්භකර ඇත.
තාවි ගං ඉවුරේ පිහිටි ජාත්‍යන්තර යෝගා මධ්‍යස්ථානයට යාබදව තැනිතලා මෙන්ම කඳුකරයේ පර්යන්ත දර්ශනයක් ඇති සල් වනාන්තරයේ හිමාලය කඳුකරයේ පිහිටා ඇති ගම්මානයක් වන මන්තලෙයි හි මෙය ඉදිකරනු ලබයි. මේ සඳහා ඉන්දීය රජයේ සංචාරක අමාත්‍යාංශය රුපියල් කෝටි 9,782 ක් අනුමත කර ඇත. ඒ අනුව එහි ජාත්‍යන්තර යෝගා මධ්‍යස්ථානයක් පිහිනුම් තටාකයක් ව්‍යාපාරික සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන, හෙලිපෑඩ්, ස්පා, ආපනශාලා සහ භෝජන ශාලා, ගෘහ නිර්මාණය කරන ලද පරිසර නවාතැන් සහිත නවීන දැක්මක් ලබා දී ඇත. සෝලාරියම් සහිත පැල්පත්, ව්‍යායාම ශාලාව ශ්‍රවණාගාර, බැටරියෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ, භාවනා වටකුරු සහ තවත් බොහෝ දේ මෙහි සමන්විතය.මේ වන විට මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වලින් සියයට 90ක් අවසන් කර තිබේ.මෙම යෝගා මධ්‍යස්ථානය සංචාරක ව්‍යාපාරය සඳහා ආකර්ෂණයක් වනු ඇති බවත් ඉන් රාජ්‍ය ආර්ථික අපේක්ෂාවන් ඉහළ නැංවීමට සහ අධ්‍යාත්මික නැඟීම සඳහා ඇති ආශාව නැවත ඇති කිරීමට ඉඩ ඇතැයි අපේක්ෂා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment