ඉන්දියාව ශ්‍රී ලංකාවට ගෙවුණු මාස 04දී දුන් ණය මුදල හෙළි කරයි

250

මෙම වසරේ ගෙවුණු මාස හතරක කාලය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 968ක ණය මුදලක් ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කාම්බෝජ් පවසයි. එසේම ආහාර සහ ආර්ථික අර්බුදයෙන් මිදීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 04කට ආසන්න වටිනා කමකින් යුතු ආහාර සහ මූල්‍යාධාර ලබා දී ඇතැයි ද සඳහන් කරයි.අපේ සමීපතම අසල්වැසියා ලෙස සලකන ශ්‍රීලංකාවට මෙම ආධාර ලබා දුන්නේ දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය නිසා යැයි ද ඇය පවසයි.ඉන්දියාව ශ්‍රී ලංකාව සමග විශාලතම ද්වි පාර්ශවීය ගිවිසුම් වලට යොමු වී ඇතැයි ද රුචිරා කාම්බෝජ් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment