ඉන්දියාව සංචාරකයන්ට යළි රට විවෘත කිරීමට සැරසෙයි

219

කොරෝනා වසංගතය හේතුවෙන් වසර එකහමාරක කාලයක් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම නතර කර තිබූ ඉන්දියාව ඉදිරි දිනවලදී නැවත සංචාරකයන්ට විවෘත කිරීමට හැකි වනු ඇති බව ඉන්දීය ස්වදේශීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. දැනට ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරි දිනවලදී රට සංචාරකයන් සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව පවසා ඇති එම අමාත්‍යාංශය මේ පිළිබඳව ඉදිරි දින 10 තුළදී නිල නිවේදනයක් නිකුත් කරන බව සඳහන් කර තිබේ.

රට සංචාරකයන් සඳහා විවෘත කළ පසු ඉන්දියාවට පැමිණෙන ප‍්‍රථම සංචාරකයන් පන් ලක්ෂය සඳහා වීසාබලපත් නොමිලයේ නිකුත් කෙරෙන බව ඉන්දීය ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය කියයි. කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සංචාරක හා ගුවන් සේවා ක්ෂේත‍්‍ර දැඩි පාඩුවක් විඳීමට සිදුව ඇති බව වාර්තා වී ඇත. කෙසේ වුවද ඊයේ (19 දා) දිනයේද ඉන්දියාවෙන් 30,000 ඉක්මවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment