ඉන්දියාව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට යතුරු පැදි ධාවන තරගය යළි අරඹයි

124


ඉන්දියාව සිය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වසර 09කට පසු නැවත වරක් ෆෝමියුලා යතුරු පැදි ධාවන තරගය ආරම්භ කිරීමට තීරණය කර ඇත.ලොව වැඩිම යතුරු පැදි පරිහරණය කරන පිරිසක් සිටින්නේ ඉන්දියාවේය.2023 වසරේ පෙබරවාරි මාසයේදී උත්තර ප්‍රදේශයේ බූඩි ජාත්‍යන්තර ධාවන පථයේදී මෙම තරගය පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.ශීත සෘතුවේදී පැවැත්වීමට තීරණය කර ඇති මෙම තරගාවලිය නැරඹීම සඳහා සති අන්තයේ 5000කට ආසන්න ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංවිධායක මණ්ඩය පවසයි.මේ සඳහා ඉන්දීය රජයේ සහාය අපේක්ෂාකරන බවද පවසන සංවිධායක මණ්ඩලය එය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සත්කාරයක් ලබාදීම හා සමාන යැයි ද සඳහන් කරයි. මෙවර තරගාවලියට විදුලි යතුරු පැදිද ධාවනයට යොදා ගැනීමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment