ඉන්දියාව සහ පකිස්තානය ජල විදුලිය ගැන සාකච්ඡා

336


දකුණු ආසියානු රටවල පවතින විදුලි අර්බුදය හමුවේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ ජල විදුලි බලාගාර සම්බන්ධවය.ඒ අනුව ඉන්දියාව සහ පකිස්තානය අතර ගිවිසුම්ගතව ඇති ඉන්දූස් ජල ව්‍යාපෘතිය යටතේ ඉදිවන ජල විදුලිබලාගාර පිළිබදව සාකච්ඡා කිරීමට පකිස්තාන ධුත පිරිසක් නවදිල්ලි නුවරට පැමිණ ඇත.මෙම ව්‍යාපෘතිය යටතේ මෙගා වොට් 1672ක ජල විදුලි උත්පාදන ව්‍යාපෘති තුනක් ඉදිවේ.ඉන්දියාවේ බටහිරින් ගලායන පකාල් දුල් ගග ආශ්‍රිතව මෙගාවොට් 1000ක් පහළ කල්නායි ගග ආශ්‍රිතව මෙගා වොට් 48ක් සහ කිරු ගග ආශ්‍රිතව මෙගාවොට් 624ක් උත්පාදනය සඳහා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකවේ.පකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මහතාගේ අනුමැතිය මත පකිස්තාන ඉන්දුස් ජල ව්‍යාපෘතියේ කොමසාරිස් සයිඩ් මීර් අලි ෂාහාගේ ප්‍රධානත්වයෙන් යුතු පස්දෙනකුගෙන් යුතු පිරිසක් මෙම සාකච්ඡා සඳහා පැමිණ තිබේ.මෙහිදී ඉන්දුස් ජල ගිවිසුමට අනුව නොවන ඇතැම් ව්‍යාපෘති පිළිබඳවද දෙපාර්ශවය අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද අලි ෂාහා මහතා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment