ඉන්දියාව සහ පාකිස්තානය අතරට හොංකොං එයි

273

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම නිමිත්තෙන් පැවති තීරණාත්මක තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාද කරමින් හොංකොං කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 147 ක් ලබා ගත් අතර කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට හොංකොං කණ්ඩායම සමත් වූයේය. ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පකිස්තානය සමගින් හොංකොං කණ්ඩායම තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment